දැල් භාවිතා කරමින් මාළු අල්ලපු 2ක් නාවික හමුදා බාරයට
August 23, 2019 11:43 am
ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.
ඊයේ(22) මෙම පුද්ගලයින් දෙදෙනා නාවික හමුදා බාරයට ගත් බව වාර්තා වෙයි.
නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා බාරයට ගෙන ඇත.
එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක්,ඩිංගි යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න සොයාගෙන ඇත.
එම දැල, ඩිංගි යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතව ඇත.
පසුගිය දින කිහිපය පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තිරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්ෂිත කර දීමට නාවික හමුදාවට හැකිවි ඇත.