කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට බුද්ධි අංශ නිලධාරියෙක් CID අත්අඩංගුවට
August 23, 2019 11:43 am
මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුවීමට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු වන චාමික සුමිත් කුමාර නැමති පුද්ගලයෙක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඊයේ(22) දිනයේ දී මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සැකකරු මෙම සිදුවීමට අමතරව 2008 වසරේ ජූනි මස 3 වන දින කිරුළපන ප්‍රදේශයේ දී නාමල් පෙරේරාට පහර දීමේ සිදුවීමට ද සැක කරන අයෙක් බවද අනාවරණය වී තිබේ.
එබැවින් නාමල් පෙරේරාට පහර දීමේ සිදුවීමට මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම මෙම සැකකරු ඇතුළුව මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.