පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ අයදුම්පත අද විභාගයට

පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ අයදුම්පත අද විභාගයට

August 23, 2019   10:29 am

සීමා නීර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවකද පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති අයදුම්පත අද ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත. 

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

ජනාධිපතිවරයාගේ මෙම අයදුමපතට අදාලව අතරමැදි පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත්ව ඇති අතර ඒවාද අද සලකා බැලීමට නියමිතව ඇත. 

සීමා  නීර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 9 වනදා අදාළ අයදුම්පත යොමු කර තිබුණි. 

සීමා නීර්ණ වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා ලෙස තමාට අදාළ ඡන්ද කොට්ඨාස සහ සීමා ගනන ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් තිබේද එසේ නම් අදාළ විධි විධාන යටතේ මැතිවරණය පැවැත්විය හැකි ද යන්නත් එසේ නොහැකි නම් පෙර තිබූ පළාත් සභා පනත යටතේ මැතිවරණය පැවැත් විය හැකි ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිය අයදුම්පතෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ඇත.