අධික වේගය ජීවිත දෙකක් අහිමි කරයි
August 23, 2019 09:55 am
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්රධාන මාර්ගයේ කරන්දෙණිය බොරකන්ද ප්රදේශයේ පිහිටි සමරවීර ක්රීඩාංගණය අසළදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ක්රීඩාංගණයේ තාප්පයේ වැදීමෙන් යතුරු පැදියේ සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ක්රීඩාංගණයේ තාප්පයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වු සීනිගොඩ ප්රදේශයේ පදිංචි අයෙක් හා වයස අවුරුදු 27ක් වු වතුගෙදර ප්රදේශයේ පදිංචි අයෙකි.
කරන්දෙණිය පොලීසිය ප්රකාශ කර ඇත්තේ වංගු සහිත මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය කර තිබීම අනතුරට හේතු වී ඇති බවත් එම ස්ථානය අනතුරු බහුල ස්ථානයක් බවය.
මීට පෙර අවස්ථා කිහිපයකදී අදාළ ස්ථානයේ රිය අනතුරු සිදුවී ඇත.
කරන්දෙණිය පොලීසිය අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.