දඹුල්ල-හබරණ පාරේ අනතුරකින් 22ක් රෝහලට
August 23, 2019 09:00 am
දඹුල්ල, හබරණ මාර්ගයේ දිගම්පතහ ප්රදේශයේදී අද (23) උදෑසන අනතුරක් සිදුව ඇත.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයක් ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී බස් රථය පෙරළී යාමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු ඇතුළු මඟීන් 22 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය විමර්ශන සිදුකරයි.