වෛද්‍ය වර්ජනය අවසන්
August 23, 2019 08:16 am
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 08 න් අවසන් කෙරුණි.
වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වුණි.
රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ ගැනීම, විවිධ අණපනත් හරහා වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණි.