කැලණි සරසවියේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගැටළුවලට විසදුම්

කැලණි සරසවියේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගැටළුවලට විසදුම්

August 23, 2019   08:02 am

කැලණිය විශ්ව විද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ උද්ගත වී තිබූ අධ්‍යයන ගැටළුවලට විසදුම් ලබා දීමට කටයුතු කළ බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

එම පීඨයේ උද්ගත වී තිබූ අධ්‍යයන ගැටළු මුල් කර ගනිමින් එහි සිසුන් විසින් විරෝධතා මාලාවක් දියත් කර තිබුණි.

අදාල ගැටළු සදහා විසදුම් ලබා දීමට කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවත් පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

මීට අදාල සියළු පාර්ශවවලින් කරුණු විමසීමෙන් අනතුරුව කමිටුව විසින් එම ගැටළුලට අදාල නිර්දේශ නිකුත් කර ඇත.

ඒ අනුව පරිගණක හා තාක්ෂණ පීඨයේ සිසුන්ට නැවත විභාගවලට මුහුණදීමේ අවස්ථාව සලසා දී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලය සඳහන් කළේය.