ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

August 23, 2019   07:11 am

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර ඇත.

මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  2015 වසරේ සිට 2017 වසර දක්වා නාවික හමුදාපති ධුරයෙහිද කටයුතු කළේය.