දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් අගමැති ලේකම්ට නොතීසි

දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් අගමැති ලේකම්ට නොතීසි

August 23, 2019   07:06 am

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ලබන 27 වනදා පෙරවරු 09.00 ට එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දැනුම්දී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සදහා කරුණු විමසීමට සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැදවා ඇති බව සඳහන්ය.

අදාල ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට කොමිසම හමුවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුලත් කරුණු හා ඊට අදාළ ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.