වෛද්‍ය වර්ජනය පෙරවරු 8ට අවසන්

වෛද්‍ය වර්ජනය පෙරවරු 8ට අවසන්

August 23, 2019   06:54 am

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීපව්‍යාප්තව සිදුකළ එක්දින සංකේත වැඩවර්ජනය අද(23) උදෑසන 08.00 න් අවසන් වෙයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ සිය ගැටළුවලට විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව වර්ජනයක් ක්‍රියාත්මක කළ ද සියලු විශේෂඥ වෛද්‍යවරුන් සේවයට වාර්තා කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා විසින් මේ බව සඳහන් කළ බව එම අමාත්‍යාංශය පැවසුවේය.