ධුරවලින් ඉවත් වූ තවත් මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් අද යළි දිව්රුම් දෙයි

ධුරවලින් ඉවත් වූ තවත් මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් අද යළි දිව්රුම් දෙයි

August 23, 2019   06:48 am

පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙකු යළි අමාත්‍ය ධුර භාර ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරු 02දෙනෙකු මෙලෙස යළි අමාත්‍ය ධුර භාර ගැනීමට නියමිත බව සඳහන්ය.

එම කොංග්‍රසයේ මන්ත්‍රි ෆයිසාල් කාසිම් මහතා සහ අලී සහීර් මව්ලානා යන මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට නියමිතයි.

ෆයිසල් කාසිම් මන්ත්‍රිවරයා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ සහ අලී සහීර් මව්ලානා මන්ත්‍රිවරයා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමට නියමිතව තිබේ.

ෆයිසාර් කාසිම් මන්ත්‍රිවරයා පැවසුවේ අද(23) උදෑසන 09.00ට තමා සහ අලී සහීර් මව්ලාන මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ අදාළ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිව්රුම් දීමට නියමිත බවයි.