මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණියේ වෙඩි තැබීමක්

August 23, 2019   06:28 am

මිද්දෙණිය පොලිස් වසමේ සමුහ ගොවිපොල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර තිබේ.

ඊයේ(22) රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 20ක් වු සමුහ ගොවිපොල ප්‍රදේශයේම පදිංචි දීපාල් මධුරංග නැමති පුද්ගයෙකි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා අඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.