එජාපයේ බහිරවයා අගමැති-වීරකුමාර

එජාපයේ බහිරවයා අගමැති-වීරකුමාර

August 22, 2019   12:54 pm

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙලක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැහැදිලි දේශපාලන ගමනක් හා පැහැදිලි දේශපාලන ස්ථාවරත්වයක් ඇති බවත් සෑම විටම පක්ෂයෙන් නිවැරදි තීරණ ගන්නා බවත්ය.

එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙක් තෝරා ගැනීම පිළිබඳ වු ගැටලුව මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා එල්ල වෙමින් ඇති බවත් එම අර්බුධය එජාපයේ අභ්‍යන්තර අර්බුදයක් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා එල්ල වීම සාධාරණ නොවන බවත් ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීම් නිර්මාණය කරන්නේ පක්ෂය තුළින්ම බවත් එනිසා එකිනෙකා වෙත චෝදනා එල්ල නොකර පක්ෂය විසින්ම අර්බුදයට විසඳුම් සොයා ගත යුතු බවත් වීරකුමාර මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"එක්සත් ජාතික පක්ෂය නැමැති නිධානය ආරක්ෂා කරගෙන ඉන්න බහිරවයා තමයි රනිල් වික්‍රමසිංහ.

ඒ නිධානය ගොඩගන්න අනිත් අයට ඕනෙනම් බිළි පූජා තියලා නිධානය ගොඩගෙන එතුමාගෙන් පක්ෂෙ බේර ගන්න එක එයාලගේ වැඩක්.

ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි.

ඒ නිසා එජාපයේ වෙදුන් ටික දැනගන්න ඕනෙ ලෙඩේට හොඳ බෙහෙත් දෙන්න. 

ඒ චෝදනා අපිට එල්ල කිරීම සාධාරණ නෑ."