සහරාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට
August 22, 2019 12:48 pm
රාජ්ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරැ මත ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්රහිම් සංවිධානයේ සාමාජිකයෙකු අම්පාර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා නුවරඑළිය කඳවුරැවල පුහුණු වී තිබෙන බව රාජ්ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගෙන තිබේ.
මොහමඩ් රෆයිඩීන් මොහමඩ් අලි නැමැති මෙම සැකකරැ වටදෙණිය ,වෙලංබොඩ, ගම්පොළ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සහාරන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්රිමා යන නාමය ඔහුට ලබාදි තිබේ.
අම්පාර රාජ්ය බුද්ධි සේවයේ නිලධාරින්ගේ තොරතුරැ අනුව මේ වෙනවිට 16 දෙනෙකු අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ගයාන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි අම්පාර දිස්ත්රික් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සතිස් කුමාර, උ.පො.ප. උප ශාන්ත,පොකො.2424 ජයම්පති,පො.කො.70341 සෙනෙවිරත්න මහතා ඇතුලු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.