ඩ්‍රෝන යානා ගැන දීප ව්‍යාප්ත සංගණනයක්

ඩ්‍රෝන යානා ගැන දීප ව්‍යාප්ත සංගණනයක්

August 22, 2019   12:08 pm

‍ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක් මේ දිනවල සිදු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එම අධිකාරියේ වෙබ් අඩවියේ සංගණනය සඳහා වන අයදුම්පත්‍රය පල කර ඇති බව සඳහන්ය.

මෙහිදී ඩ්‍රෝන යානා ලියාපදිංචි කර ඇති හිමිකරුවන් සන්තකයේ තවමත් ඩ්‍රෝන යානා ඇද්ද යන්න යම්බන්ධයෙන් සොයා බැලීම සිදු කරන බව සිවිල් ගුවන්සේවා අධිකරිය සඳහන් කළේය.

එමෙන්ම නව ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමට ද මෙමඟින් අවස්ථාව හිමිවන අතර මීට පෙර ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරිමේදී ලබාගත් තොරතුරු යාවත්කාලීන කිරිම සිදු වෙයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් තහනම් කළ අතර එම අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අවශ්‍ය අවස්ථාවලදී ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිමට අවසර ලබා දී ඇත.

සංගණනයෙන් අනතුරුව ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිමේදී පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේය