මහමඟ දී මල් කැකුළක් බිළිගත් මාරක රිය අනතුර

මහමඟ දී මල් කැකුළක් බිළිගත් මාරක රිය අනතුර

August 22, 2019   11:43 am

මීගමුව පොලිස් වසමේ මීගමුව අඩි 60 මාර්ගයේ ජූඩ් පල්ලිය අසළදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ මාස 2ක් පමණ වන කුඩා බිළිඳියක් බරලතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාස 2ක් පමණ වන මීගමුව පදිංචි බිළිඳියකි.

ත්‍රිරෝද රථය පැදවු බිළිඳියගේ පියා හා වයස අවුරුදු 02ක් වන පිරිමි දරුවෙකු මීගමුව රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින බව වාර්තා වෙයි.

මීගමුව පොලීසිය අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.