පැපුවා ප්‍රාන්තවල විරෝධතා හේතුවෙන් අන්තර්ජාලය වැසෙයි
සයුරෙන් එතෙර

පැපුවා ප්‍රාන්තවල විරෝධතා හේතුවෙන් අන්තර්ජාලය වැසෙයි

August 22, 2019   11:32 am

ඉන්දුනීසියාවේ පැපුවා සහ බටහිර පැපුවා ප්‍රාන්තවල ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇත.

තත්ත්වය පාලනය වන තුරු අන්තර්ජාල පහසුකම් අවහිර කිරිමටතීරණය කර ඇති බව ඉන්දුනීසියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

දින කිහිපයක සිට පවතින විරෝධතා මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර විරෝධතා පාලනය කිරිමට පොලිස් නිළධාරින් විශාල පිරිසක් අනුයුක්ත කර ඇති බව සඳහන්ය.

විරෝධතාකරුවන් බන්ධනාගාර ගොඩනැඟිල්ලකට ගිනි තැබීම හේතුවෙන් එහි සිටි රැඳවියන් 250 දෙනෙකු පලාගොස් ඇති බවට විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණි.