මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි සහ සුළං

මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි සහ සුළං

August 22, 2019   11:31 am

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි කාලය තුළද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ මධ්‍යම හා උතුර යන පළාත්වලට මෙම වැසි තත්ත්වය අපේක්ෂා කරන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම උතුර, උතුර මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

දිවයින වටා මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි බැවින් ධිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.