බීමත් රියදුරන් 9885ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් 9885ක් අත්අඩංගුවට

August 22, 2019   11:18 am

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය මස 05 වන දින සිට ආරම්භ කළේය.

ඒ අනුව අදාළ මෙහෙයුම මාස එකහමාරක ආසන්න කාලයක් ක්‍රියාත්මක කර ඇත.

මෙම මෙහෙයුමේදී ඊයේ (21)  උදෑසන 06.00 සිට අද (22) උදෑසන 6.00 දක්වා  වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 193ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම කාලය තුළ බීමත් රියදුරන් 9885දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.