මාවනැල්ලේ බුදු පිළිම විනාශයට සැක 14ක් යළි රිමාන්ඩ්

මාවනැල්ලේ බුදු පිළිම විනාශයට සැක 14ක් යළි රිමාන්ඩ්

August 22, 2019   11:15 am

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද(22) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 05 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය දුන් බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.