අපේ ආණ්ඩුවකින් ප්‍රහාරයේ වගකිවයුත්තන්ට ස්ථිරවම දඬුවම්-එස්.එම්

අපේ ආණ්ඩුවකින් ප්‍රහාරයේ වගකිවයුත්තන්ට ස්ථිරවම දඬුවම්-එස්.එම්

August 22, 2019   11:12 am

ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරනු ලබන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ප්‍රතිඵල ලබා නොදුනහොත් පොදු ජන පෙරමුණ බලයට ආ පසු විමර්ශනයක් සිදු කර නිසි දඬුවම් ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ තේරීම් කාරක සභාව විහිළුවක් බවත් එහිදී වැරදිකරුවන් නිවැරදි කරන බවත් නිවැරදිකරුවන් වැරදිකරුවන් කරන බවත්ය.

කෙසේ වෙතත් තේරීම් කාරක සභාවෙන් ලබා දෙන ප්‍රතිඵලයන් ද නිවැරදි විය නොහැකි බවත් තම තමන්ගේ වැරදි වසා ගැනීමක් පමණක් තේරීම් කාරක සභාවෙන් සිදු වන බවත් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.