මෝදි සහ සැම්බියා ජනාධිපති අතර හමුවක්
සයුරෙන් එතෙර

මෝදි සහ සැම්බියා ජනාධිපති අතර හමුවක්

August 22, 2019   11:10 am

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ සැම්බියා ජනාධිපති එඩ්ගාර් ලුන්ගු අතර හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විය.

දෙරට අතර ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා සිදුව ඇත.

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි සැම්බියා ජනාධිපතිවරයාට එහිදී හිමිවුණේඋණුසුම් පිළිගැනීමක්.

ජනාධිපතිවරයා වෙනුවෙන් නවදිල්ලි අගනුවර පිහිට ජනාධිපති මන්දිරයේ විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබුණි.

අනතුරව නායකයන් දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්වී තිබේ.

දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම ආරක්ෂාව, අධ්‍යාපනය, වෛද්‍ය, කලා හා සංස්කෘතික යන අංශවලට අදාළව නායකයන් දෙදෙනා ගිවිසුම් හයකටත් එළඹ තිබුණි.

සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ නායකයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

සැම්බියාව, ඉන්දියාවට වැදගත් හා විශ්වාසදායි මිතුරෙක් බවත් රටවල් දෙකටම එක්ව ගමන් කළ හැකි සංවර්ධන අභිලාෂයන් බවතින බවත් අගමැති මෝදි එහිදී සඳහන් කර තිබුණි.

මේ අතර සැම්බියා ජනාධිපතිවරයා ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ නියමු මහත්මා ගාන්ධි තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවකටත් එක්ව ඇත.