ගිනි අවි 5ක් සමඟ 5ක් අත්අඩංගුවට

ගිනි අවි 5ක් සමඟ 5ක් අත්අඩංගුවට

August 22, 2019   10:55 am

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ සුදුගල මව්ආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක රාජසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්  අලුත්වෙල පාර හම්බෙගමුව යන ලිපනයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35-56 අතර පසුවන්නන් පිරිසක් වන අතර සැකකරුවන් වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙම ගිනිඅවි ළග තබාගන්නට ඇති බව පොලීසිය සැකපල කරයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සූරිය පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරි විමර්ශන සිදු කරයි.