රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා

රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා

August 22, 2019   10:40 am

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතව සිටි. 

අප වාර්තාකරුවන් පැවසුවේ දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි. 

වර්ජනය අද (22) පෙරවරු 8.00 ආරම්භ වු අතර එය හෙට (23) පෙරවරු 8.00 දක්වා පැවැත් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ඖෂධ හිඟය, බාල ඖෂධ සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම ඇතුළු කරුණු 08ක් මුල්කර ගනිමින් මෙලෙස  වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල මෙම වර්ජනය  ක්‍රියාත්මක වන්නේ නැත.