මැණික් සිහිනය බොඳ වු 6ක් පොලීසියට

මැණික් සිහිනය බොඳ වු 6ක් පොලීසියට

August 22, 2019   10:33 am

නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු බගවන්තලාව, චැපල්ටන් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එහිදී කැණිම් සඳහා භාවිතා කළ උපකරණ ද පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 29ත් 44 ත් අතර වයසේ පසුවන බගවන්තලාව ප්‍රදෙශයේම පුද්ගලයින් පිරිසක් බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.