නවසීලන්තය-ශ්‍රී ලංකා‍ව දෙවන ටෙස්ට් තරගයට වැස්ස හරස්වෙයි

නවසීලන්තය-ශ්‍රී ලංකා‍ව දෙවන ටෙස්ට් තරගයට වැස්ස හරස්වෙයි

August 22, 2019   10:21 am

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද(22) තරඟය කොළඹ පීසරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතය.

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රිඩක දිල්රුවන් පෙරේරා අද තරඟය සඳහා සහභාගී වනු ඇති බව වාර්තා වෙයි.

නවසීලන්ත කණ්ඩායමේ ද පන්දු යැවිමේ යම් වෙනසක් සිදු කෙරෙනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 06කින් ජය ගැනිම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.