ලෝක ශූරතා සෙපක් ටක්‍රෝ තරගාවලියට ලංකාවෙනුත් කණ්ඩායමක්

ලෝක ශූරතා සෙපක් ටක්‍රෝ තරගාවලියට ලංකාවෙනුත් කණ්ඩායමක්

August 22, 2019   10:03 am

ලෝක ශූරතා සෙපක් ටක්‍රෝ තරගාවලිය මෙවර තායිලන්තයේදී පැවැත්වීමට තටයුතු සංවිධානය කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

මැලේසියාවේ ප්‍රධාන ක්‍රීඩාවක් ලෙස සලකන මෙම සෙපක් ටක්‍රෝ තරගාවලියේ ලෝක ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 34 වන වරටයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා අධුනික සෙපක් ටක්‍රෝ සංගමය විසින් තෝරා ගෙන තිබෙනවා.

සෙපක් ටක්‍රෝ තරගාවලිය මැලේසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ මැලේ ජාතිකයන් අතරද ප්‍රචලිත ක්‍රීඩාවක්

මෙය වේවැල් වලින් නිපද වු පන්දුවක් පාදය භාවිතයෙන් සිදු කරන ලද ක්‍රීඩාවකි.

සෙපක් ටක්‍රෝ ලෝක ශූරතා තරගාවලිය සඳහා රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට නියමිත බව එම සංගමය සඳහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සතියේදී තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.