නවීන අදහස් ඇති එකම අපේක්ෂකයා අනුර-හඳුන්නෙත්ති
August 22, 2019 09:54 am
හමුදාපතිවරයා පත් කිරීම රටක අභ්‍යන්තර කටයුත්තක් බැවින් කිසිදු පාර්ශවයක් ඒ පිළිබඳව ගැටළු ඇති නොකරගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
කොළඹ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පැවසීය.
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව ඒකරාශි කරන වැඩපිළිවෙලක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිදු කරන බවයි.
එමෙන්ම නවීන අදහස් ඇති එකම ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.