අපේ සහය ජාතික අපේක්ෂකයෙක්ට පමණයි-සරත් විජේසුරිය

අපේ සහය ජාතික අපේක්ෂකයෙක්ට පමණයි-සරත් විජේසුරිය

August 22, 2019   09:48 am

ඉදිරි ජනාධිපතිවරයා විය යුක්තේ දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවන ජාතික අපේක්ෂකයෙක් බව සාදාරණ සාමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය පවසයි.

එහි කැඳවුම්කරු මහචාර්ය සරත් විජේසුරිය මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ 19වන සංශෝධනයෙන් සිදු කර ගැනීමට නොහැකි වු දේ සිදු කර ගැනීමට සුදුසු පුද්ගලයෙක් අපේක්ෂකයා විය යුතු බවයි.

සියලු ආගම්වලට ලැදි සියලු ජාතින් ගැන සිතන දේශපාලන ප්‍රථිසංස්කරණ සිදු කරන ජාතික අපෙක්ෂකයෙක් පත් කර ගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන ඕනෑම කෙනෙකුට සිය සහය නොනැබෙන බවද ඒ මහතා පවසයි.