ඉස්ලාම් කතුන්ගේ ඇඳුම් ඉදිරියේ දී පොලිස් පනත යටතේ වෙනස් වෙයි-පාඨලී

ඉස්ලාම් කතුන්ගේ ඇඳුම් ඉදිරියේ දී පොලිස් පනත යටතේ වෙනස් වෙයි-පාඨලී

August 22, 2019   09:48 am

රාජ්‍ය මුල්‍යය ශක්තිමත් කිරීම ඉදිරියේ පත්වන ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ප්‍රධාන වගකීම බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ අති ප්‍රධානම ගැටළුව වන්නේ රාජ්‍ය මූල්‍යයේ ඇති ප්‍රශන්ය බවත් ඒ හේතුවෙන් රටට බන්කොළොත්වීමේ ආසන්නයටම පැමිණ ඇත බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ බන්කොළෝත්වීමේ අවදානමකට හේතුව වී ඇත්තේ විශම ආයෝජනය බවයි.

මේ අතර ඊයේ දිනයේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට රජය විසින් කටයුතු කළ ආකාරයෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසීම සහ ඇඳුම් පිළිබඳ නිතීයද පොලිස් පනත යටතේ ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.