කාශ්මීර්යේදී ඉන්දීය ආරක්ෂකයෙකුට වෙඩි
සයුරෙන් එතෙර

කාශ්මීර්යේදී ඉන්දීය ආරක්ෂකයෙකුට වෙඩි

August 22, 2019   09:20 am

කාශ්මීර් ප්‍රාන්තයේ ඉන්දීය පාලන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයෙකු මියගොස් තිබේ.

සටන්කාමින් පිරිසක් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී එම නිළධාරියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අවි අයුධ සහ පුපුරනද්‍රව්‍ය තොඟයක් ද සොයාගෙන ඇති බව සදහන්.

ඉන්දියාව විසින් කාශ්මිර ප්‍රාන්තයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරිමට තීරණය කිරිමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි අර්බුදකාරි තත්ත්වයක් හටගත්තේය.