කුවේට් ගිහින් දුක් වින්ඳ කතුන් 60ක් යළි දිවයිනට
August 22, 2019 09:08 am
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු යළි මෙරටට එවා ඇත.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම පිරිස අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණි බවයි.
ඔවුන් අද උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.