කුළුබඩුවලටත් ශ්‍රේණියක්
August 22, 2019 09:04 am
කුළුබඩුවල ගුණාත්මක භාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා "මිනි ලැබ්" නමින් කුඩා විද්‍යාගාර දිවයිනපුරා ප්‍රාදේශිය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කුළුබඩුවල මිල නිරන්තරයෙන් පහලයාම වළක්වා ඒ සඳහා සාධාරණ මිලක් ගොවියාට ලබාගැනීමට මෙමඟින් කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධණ අධ්යක්ෂ ජනක ලින්දර මහතා පවසයි.
වර්තමානයේ දේශීය කුළුබඩු නිෂ්පාදනවලින් සියයට 90 ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ගෙවතු ආශ්රිත සුළු ගොවියන් විසින් වන අතර එම නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ යම් යම් අඩුපාඩු පවතින බව පෙන්වා දෙන අධ්යක්ෂවරයා වෙළෙඳපොළ මිල තීරණය කිරීමේ ප්‍රධානතම සාධකය වන්නේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය බවද පෙන්වා දෙයි.
මෙලෙස කුළුබඩුවල ගුණාත්මක තත්ත්වය අඩුවීමෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි යුරෝපා වෙළඳපළ අවස්ථා අහිමිවීමද සිදු වේ.
එසේම නිෂ්පාදනය කරන කුළුබඩු අලෙවි කිරීමට යාමේදී ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන අතර ගැනුම් කරුවන්හටද ඉහළ ප්‍රමිතියෙන් යුත් කුළුබඩු සපයා ගැනීම ගැටළුවක් වී තිබේ.
පුද්ගලික අංශය සතුව මෙම විද්‍යාගාර පහසුකම් පැවතුණද කුළුබඩුවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඉහළ මිලක් අය කරයි.
එය සුළු ගොවියන්ට හා සුළු ව්‍යාපාරිකයන්ට දැරිය හැකි නොවේ.
මෙම ගැටළු සඳහා මූලික විසඳුමක් ලෙස දිවයිනපුරා මෙම මිනිලැබ් පිහිටුවන බව අධ්යක්ෂ ලින්දර මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.
දිවයින පුරා මේ වන විට මිනිලැබ් 90 ක් පිහිටුවා ඇති බවත් තත්ත්ව පරීක්ෂා කිරීමට පුහුණු නිලධාරීන් මේ සඳහා යොදවා තිබෙන බවත් මෙහිදී අදාල ගොවියන්ගේ කුළුබඩු සාම්පල පරීක්ෂාවට ලක් කරනු ලැබන බවත් අධ්යක්ෂ ලින්දර මහතා කීය.
ගම්මිරිස් , කරාබු , එනසාල් , කෝපි ඇතුළු කුළුබඩු බෝග සඳහා මේ අයුරින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු කෙරේ.
වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශතය හා පළිබෝධ හානි ආදිය පිළිබඳ පරික්ෂාවට ලක් කර සහතිකයක් නිකුත් කිරීම මෙහිදී සිදු කරයි.
ඒ අනුව කුළුබඩු අංක 1, 2, 3 ආදී ලෙස ශ්‍රේණි ගත කරනු ලබයි.
කුළුබඩුවල පවත්නා අඩුපාඩු පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමද ගුණාත්මක කුළුබඩු සපයන ගොවීන්ට වැඩි මිලක් ගෙවන ගැණුම්කරුවන් සම්බන්ධ කර දීමද මීට අමතරව සිදු වේ. මෙම සියලු සේවා නොමිලේ ලබාදෙන බවද ජනක ලින්දර මහතා වැඩි දුරටත් පැවසීය.