නැගෙනහිර කලාපය බිළිගත් ලැව් ගිනි
සයුරෙන් එතෙර

නැගෙනහිර කලාපය බිළිගත් ලැව් ගිනි

August 22, 2019   09:00 am

බොලිවියාවේ පැතිරයන ලැව් ගිනිවලට මේ වන විට හෙක්ටයාර පන් ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් බිළි වී තිබේ.

මේ හේතුවෙන් සැන්ටා කෘස් ප්‍රදේශය දැඩි අවධානමකට මුහුණපා ඇති බව සඳහන්ය.

බොලිවියාවේ සැන්ටා කෘස් නගරය ආශ්‍රිතව ලැව් ගිනි රැසක් හටගෙන තිබේ.

ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව සඳහන්ය.

සැන්ටා කෘස් හි හෙක්ටයාර පන්ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් මේ වන විට දැවී විනාශ වී තිබේ.

එමෙන්ම ලැව් ගිනි හේතුවෙන් සත්ත්ව විශේෂ පන්සීයකට අධික ප්‍රමාණයක්ද දැඩි අවධානමකට මුහුණපා සිටින බව සඳහන්ය.

ඒ අතර ඒකදේශික සත්ත්ව විශේෂ රැසක්ද වන බව පරිසර සංවිධාන පවසයි.

මේ අතර ලැව් ගිනි පාලනය කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බවයි බොලිවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් ප්‍රකාශ කළේය.

ගිනි නිවීමේ මෙහෙයුමට බෝයිං 747 වර්ගයේ ගුවන් යානයක් යොදවන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි.