ජනාධිපතිවරණය බලු පොරයක් වෙලා-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජනාධිපතිවරණය බලු පොරයක් වෙලා-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

August 22, 2019   08:49 am

මෙවර ජනාධිපතිවරණයේදී රටේ සියලු භික්ෂූන් වහන්සේ එක් අරමුණක් වෙනුවෙන් පෙළගැසිය යුතු බව පැවිදි හඩ සංවිධානය පවසයි.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ(21) ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්  එම සංවිධානයේ කැඳවුම්කරු  පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව සඳහන් කළේය.

අද වන විට ජනාධිපතිවරණයත් බලු පොරයක් බවට පත්ව ඇති බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසීය.

රටට යමක් කර නායකයෙකුගේ අවශ්‍යතාවය දැනී ඇති බවත් ඒ නිසාවෙන් ඉදිරියේදී විනය ගරුක පාලකයෙක් අප විසින් රටට පත් කර ගත යුතු බවත් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසීය.