අළුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය අද

අළුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය අද

August 22, 2019   08:00 am

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වෙයි.

තරඟය ලීඩ්ස් හිදී පැවැත්විමට නියමිතයි.

දෙරට අතර තරඟ 05කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ඔස්ට්‍රේලියාව ජය ගත් අතර දෙවන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ද අද ආරම්භ වෙයි.