මොනරාගල නිවසක හදිසි ගින්නක්

මොනරාගල නිවසක හදිසි ගින්නක්

August 22, 2019   07:41 am

මොනරාගල පොලිස් වසමේ පාලරුවේ, මුප්පනේ ප්‍රදේශයේ නිවසක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ(21) සවස 2.00ට පමණ මෙම ගිනන් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

මොනරාගල පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙම ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

නිවස පිටුපස ඇති කන්ඳක ගොඩගසා තිබූ දැව කඳන් තොගයක් හේතුවෙන් ගින්න පැතිරී ඇති බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.