සතොසට සිදුවු බිලියන ගණනක පාඩුවක් ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්
August 22, 2019 07:22 am
මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් රේගුව තුළ වසරක පමණ කාලයක් ගබඩා කර තැබීම තුළින් සතොස ආයතනයට බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
සතොස ආයතනයේ නිලධාරීන් ඊයේ දිනයේදී කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර එහිදී මෙම අනාවරණය සිදු වුණි.
කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේ 2015 වසරේදී මෙරටට ආනයනය කරන ලද අදාල සහල් තොඟය සිතා මතාම රේගුව තුළ රදවා තැබීමට කටයුතු කර ඇති බවයි.
එහිදී කෝප් කමිටුව හමුවෙ පෙනී සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ නිලධාරිනියක් අදාල සිදුවිමට හේතුව පැහැදිලි කළ අතර ඊට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ද මැදිහක් වුණි.