නවසීලන්තය-ශ්රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය අද
August 22, 2019 06:40 am
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟය අද(22) ආරම්භ වීමට නියමිතයි.
තරඟය කොළඹ පීසරා ඕවල් ක්රිඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.
ආබාධයකට ලක්ව සිටි ශ්රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්රිඩක දිල්රුවන් පෙරේරා අද තරඟය සඳහා සහභාගී වනු ඇති බව වාර්තා වෙයි.
නවසීලන්ත කණ්ඩායමේ ද පන්දු යැවිමේ යම් වෙනසක් සිදු කෙරෙනු ඇති බව ක්රිකට් විචාරකයින් පෙන්වා දෙයි.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරඟය කඩුලු 06කින් ජය ගැනිම ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණි.