ඉන්දියාවේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට

August 22, 2019   06:37 am

ඉන්දියවේ හිටපු මුදල් අමාත්‍ය පී.චිදම්බරම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

දුෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මුදල් අමාත්‍යවරයාව සිටියදී විදේශ ආයෝජකයින්ගෙන් අල්ලස් ලබාගත් බවට පී චිදම්බරම් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් 73 හැවිදි පී. චිදම්බරම් මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අතර ඔහු තමාට එරෙහිව එල්ල වී ඇති අදාල චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.