වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

August 22, 2019   06:27 am

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජේලර්වරයාට වෙඩි තැබිම  සඳහා යොදා ගත් යතුරුපැදියේ හිමිකර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරු 25 හැවිරිදි හික්කඩුව, පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(22) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අම්බලන්ගොඩ  පොලිසිය සඳහන් කළේය.

පසුගිය 03 වනදා අම්බලන්ගොඩ, කූලිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා  වැලිකඩ බන්ධනාගාර පාසලේ ප්‍රධාන ජෙලර්වරයා ඝාතන කරනු ලැබුවේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු පසුගිදා අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගේ නිවසේ තිබී ටී.56 ගිනි අවි සඳහා භාවිතා කරන පතුරොම් 63ක් සහ සිම් කාඩ්පත් 15ක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණි.