අදත් වැසි හා සුළං
August 22, 2019 06:04 am
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් (විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා) සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනුරාධපුරය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි වාර කිහිපයක් ඇති විය හැක.
අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද, වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.