ලොස් ඇන්ජලීස් නුවරට යන ලංකාවේ සුන්දරත්වය

ලොස් ඇන්ජලීස් නුවරට යන ලංකාවේ සුන්දරත්වය

August 21, 2019   02:39 pm

ශ්‍රී ලංකා අනන්‍යතාව ප්‍රවර්ධනය කරන “BEAUTY OF SRI LANKA”  ඡායාරූප ප්‍රදර්ශනය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී  පැවැත් වීමට කටයුතු කර ඇත.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී  ලංකා කොන්සියුලර් ජනරල් කාර්යාලය Consulate General of the Democratic Socialist Republic of Sri Lanka in Los Angeles  සහ America Sri Lankan Photography Art Society විසින් මෙය සංවිධානය කර ඇත.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සැප්තැම්බර් මස 21 දින  27 දින දක්වා කාලයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත් වෙයි.

මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා මෙන්ම පවැත්වෙන ප්‍රවර්ධන වැඩසටහන සඳහා ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන ඡායාරූප ශිල්පීන් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන ඡයාරූප මාධ්‍යවේදීන්, වනජීවී ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනත්වයට පත් ඡායරූප ශිල්පීන් රැසක් මෙන් ම විද්වතුන් සහභාගී වන අතර ඇමෙරිකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් රැසක් ලොස් ඇන්ජලීස් නුවර දී එක්වී සිය අත් දැකීම් හුවමාරු කරගැනීම සිදු කරයි.

එමෙන් ම ලොස් ඇන්ජලීස් නුවර පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී සුවිශේෂී වූ ඡයාරූප ප්‍රදර්ශනයක් සහ දේශන මාලාවක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.

මෙම ප්‍රවර්ධන සහ ඡායාරූප ප්‍රදර්ශනය මඟින් ශ්‍රී ලාංකික අනන‍යතාවය, සංස්කෘතිය, ජාතික උරුමය, කලාව, අන්තර් සංස්කෘතික සබඳතා, ස්වභාව සෞන්දර්යය හා වනජීවී මෙන් ම දනුම හුවමාරු කරගනීමේ වැඩසට්යහන් ඇතුළු  සංචාරක ආකර්ශනයක් සහිත ශ්‍රී  ලංකික අභිමානය අභිමානවත්ව ඇමෙරිකාව ඇතුළු ලෝකය හමුවට විවෘත කිරීම අරමුණ බව ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධයෙන් අඳහස් දක්වමින් පවසයි.

මේ ජායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජායාරූප ශිලිපීන් වන කේ.ජී කීර්තිර්ත්න රංජනී පෙරේරා  යමුනී රශ්මිකා පෙරේරා  විකුම් සේනානායක රෝහිත ගුණවර්ධන කුමාර කරුණාරත්න යන අය සහභාගී වේ. 

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකික ඡායාරූප ශිල්පීන් සඳහා ඇමෙරිකා රජය දක්වන සුවිශේෂී අතදීම ද මෙහිදී අගය කළ යුතු වෙයි.