සාකච්ඡාවෙන් විසඳගන්න GMOAවෙන් ජනපතිට-අගමැතිට අවස්ථාවක්

සාකච්ඡාවෙන් විසඳගන්න GMOAවෙන් ජනපතිට-අගමැතිට අවස්ථාවක්

August 21, 2019   01:48 pm

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පියවරක් නොගැනීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 08 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මේ බව පැවසීය.

“වෘත්තීය සමිති ක්‍රියා මර්ගය ගැනීමේදී අපි පැහැදිළි කරලා කියලා තියනවා. මේ රටේ ජනතාවට දෙන්නේ බාල බෙහෙත් නම්. ඒ බෙහතේවලිනුත් ගසා කනවා නම්. බාල බෙහෙත්වත් නැතිනම් රෝගියා කාටද කියන්නේ?.

රෝගීන්ට වෘත්තීය සමිත ක්‍රියා මාර්ග ගන්න බෑ. ඒ අයට බෙහෙත් නොගෙන ඉන්නවා කියලා වර්ජනය කන්න බැහැ. හැබැයි වෛද්‍යවරු විදිහට අපිට එහෙම බලයක් තියනවා. ඒ බලට රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන් ඕනේ.

අද දවස වෙදන කොට තියන බරපතළම වංචාව තමයි. ලංකාවේ උසස් පෙළ ලියනවා මේ දවස්වල දරුවෝ. ඒ දරුවෝ ඇයි උස්සපෙළ ලියන්නේ.

කඩයිම් විභාගය කියලා දකින්නේ ඊළඟ විශ්විවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසු කම. එත කොට මේ රටේ වෛද්‍යවරයෙකු වීමට උසස් පෙළට එෆ් සමාර්ත තුනක් අරගෙන වෛද්‍යවරු වෙනවා කියලා හිතපුවාහම.

මේ රටේ ජනතාව භීතියට පත්වෙනවා. මේ රජයේ වෛද්‍යවරු පෙල ගිහිල්ලා බෙහෙත ගන්න. එක නිසා තමයි අපි වෘත්තීය සමිති ක්‍රියා මර්ගය ඉතා පැහැදිළිව නම් කරලා තියෙන්නේ “බාලබෙහතේ මදිවට බාල වෛද්‍යවරු කියලා“ ඒ නිසා උදෑසන 8.00 වෙනකනුත් 7.59 වෙනකුනුත් වෘත්තීය සමිති ක්‍රියා මර්ගය නතර කගන්න අගමැතිට සහ ජනපතිට හැකියාවක් තියනවා. ඒ සාදනීය සාකච්ඡාවක් මඟින්. මේ සඳහා මැදිහත් වෙන්න.“