සැළසුම් කළ විදියට හෙට වර්ජනය ක්‍රියාත්මකයි-වෛද්‍ය කොළඹගේ

සැළසුම් කළ විදියට හෙට වර්ජනය ක්‍රියාත්මකයි-වෛද්‍ය කොළඹගේ

August 21, 2019   01:26 pm

සැලසුම් කළ පරිදි හෙට දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංඛේත වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කළේ හෙට (22)  උදැසන 8.00 සිට ආරම්භ වන වර්ජන ක්‍රියාමාර්ගය තෝරාගත් රෝහල් කිහිපයක පමණක් ක්‍රියාත්මක නොවන බවයි.

මේ වන විට ලැබී ඇති ඖෂධවල ඇති හිඟ කම සහ එම  ඖෂධවල කාල සීමාව සම්බන්දයෙන් ඇති ගැටලු සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනීමන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

අද දෙරණ කළ විසීමකදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.