බස් රථයක් පැහැර ගන්න ගත් උත්සහය
සයුරෙන් එතෙර

බස් රථයක් පැහැර ගන්න ගත් උත්සහය

August 21, 2019   12:37 pm

බස් රථයක් පැහැරගැනීමට ගත් උත්සාහයක් පිළිබද පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

කෙසේ නමුත් තත්ත්වය පාලනය කරමින් එහි සිටි මගීන් නිරුපද්‍රිතව මුදාගැනීමට පොලිසිය සමත්ව තිබේ.

බස් රථයක් පැහැරගැනීමට පුද්ගලයෙක් ගත් උත්සාහයක් පිළිබද පුවතක් බ්‍රසීලයේ රියෝ දි ජනයිරෝ නගරයෙන් වාර්තා වෙයි.

රියෝහි පාලමක් මතදී මෙලෙස බස් රථය පැහැරගැනීමට අදාළ පුද්ගලයා උත්සාහ දරා තිබේ.

පැහැරගැනීමෙන් අනතුරුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණීමත් සමගින් සැකකරු හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවිය.

කෙසේ නමුත් පැය 4කට ආසන්න කාලයක් පුරා පැවැති මෙහෙයුමකින් පසුව බසය හා එහි සිටි මගීන් 37දෙනා මුදාගැනීමට බලධාරීන් සමත් විය.

සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය බවට බ්‍රසීල පුවත් වාර්තා කළත් තවමත් ඒ පුවත් සනාථ වී නැහැ.

සිදුවීම පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.