හූනන්ට ජාතික වීරයන්ගේ නම් දැම්ම ඇත්ත හේතුව මෙන්න
August 21, 2019 12:35 pm
මෙරටට ආවේණික හූනන් විශේෂ 06කට ජාතික වීරයන්ගේ නම් ලබා දී ඇත්තේ එම වීරයන්ට ගෞරව කිරිමේ අරමුණින් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
අදාල පර්යේෂණය සිදුකළ උරග හා උභයජීවී පර්යේෂක, පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා පැවසුවේ ද්වීපද නාමකරණයට හා ජාත්‍යන්තර නාමකරණ ක්‍රමවේදයට අනුව ගරු කටයුතු පුද්ගලයින්ගේ නාම යොදමින් එම සත්ව විශේෂ දේශිය අන්‍යන්‍යතාව සමගින් ජාත්‍යන්තරයට හදුන්වා දීම සිය පර්යේශණ කණ්ඩායමේ අරමුණ වී තිබු බවයි.
කෙසේවෙතත් විද්‍යාත්මක දැනුමක් නොමැති ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ හේතුවෙන් මේ වන විට වැරදි මතයක් සමාජගත වී ඇති බව ඔහු සදහන් කළේය.
එවැනි ප්‍රකාශ හෙළා දකින බව උරග හා උභය ජීවී පර්යේෂක පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
කෙසේවෙතත් නව හූනන් විශේෂ 06කට ජාතික වීරයන්ගේ නම් ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දි විමල් වීරවංශ මන්ත්‍රිවරයා අදහස් දැවීය.