ඇනිස්මෝවා අමෙරිකා ටෙනිස් තරගාවලියෙන් ඉවත් වෙන්න තීරණයක්

August 21, 2019   12:35 pm


අමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකා ඇමැන්ඩා ඇනිස්මෝවා අමෙරිකා වීවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

17 හැවිරිදි ඇමැන්ඩා මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙමින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේය.

ඒ අනුව ඇය අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදීද පෙරළිකාර ක්‍රීඩිකාවක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පවා අදහස් පලකළා.

නමුත් ඇමැන්ඩා ඇනිස්මෝවාගේ පියා හදීසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඇය අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇමැන්ඩාගේ පියා වන කොන්ස්ටන්ටින් ඇනිස්මෝවා ඇයගේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.

ඇමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය එළඹෙන සඳුදා ආරම්භ වීමට නියමිතයි.