ටිබෙට් ජාතිකයන්ගේ ආලෝක පූජාව
සයුරෙන් එතෙර

ටිබෙට් ජාතිකයන්ගේ ආලෝක පූජාව

August 21, 2019   12:32 pm

හොංකොංහි පැවැත්වෙන චීන විරෝධී රැලිවලට සහාය පළකරමින් ඉන්දියාවේ ධරම්සාලාහි ආලෝක පූජාවක් පැවැත්විය.

ඒ එහි වෙසෙන ටිබෙට් ප්‍රජාවගේ සහභාගිත්වයෙන්.

ඉන්දියාවේ වෙසෙන ටිබෙට් ජාතිකයන් කදුකර ධරම්සාලා නගරය එක්ව පහන් පූජාවක් පැවැත්විය.

එය සංවිධානය කර තිබුණේ චීනයට එරෙහිව හොංකොංහි මේ වනවිට පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා පෙළපාලිවලට සහාය දැක්වීම සඳහායි.

චීනයට එරෙහිව නාමික විරෝධතාවට එක්ව සිටි ටිබෙට් ජාතිකයන් පිරිස ඉටිපහන්, විරෝධතා පුවරු හා බැනර් රැගෙන ධරම්සාලාහි වීදි පුරා ගමන් කළේ මෙලෙසයි.

මෙහිදී චීන රජය දැඩි සේ විවේචනය කළ විරෝධතාකරුවන් පැවසුවේ හොංකොංහි වෙසෙන සිය සොයුරු සොයුරින්ට පූර්ණ සහාය ලබාදෙන බවයි.

චීනයට අයත් ටිබෙට් ප්‍රාන්තය සඳහා ස්වයංපාලන ඉල්ලමින් දැඩි විරෝධතාවල නිරතවීම හේතුවෙන් මීට දශක කිහිපයකට පෙර ටිබෙට් ජාතිකයන් රැසකට ඉන්දියාව ඇතුලු අසල්වැසි රටවල් වෙත පලායාමට සිදුවිය.

ඔවුන්ගේ අධ්‍යාත්මික නායක දලයිලාමා තුමන් ඇතුළු ටිබෙට් ජාතිකයන් රැසක් අදටත් චීන දේශසිමාව සමීපයෙන් ඉන්දියාවේ වාසය කරයි.

චීන පාලනයෙන් මිදුණු නිදහස් ටිබෙටයක් ප්‍රකාශයට පත්කරවාගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි.