ඇන්ජෙලා මර්කල්ගේ සංචාරය
සයුරෙන් එතෙර

ඇන්ජෙලා මර්කල්ගේ සංචාරය

August 21, 2019   12:27 pm

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් නිල සංචාරයක් සදහා අයිස්ලන්තය වෙත පැමිණ තිබේ.

එහිදී චාන්සලර්වරියට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

නෝර්ඩික් කවුන්සිලයේ වාර්ෂික නෝර්ඩික් අමාත්‍ය හමුවට එක්වීම සදහා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් අයිස්ලන්තය වෙත පැමිණ තිබේ.

චාන්සලර්වරිය මෙම හමුව සදහා එක්වන්නේ ආරාධිත අමුත්තියක් ලෙසයි.

සමුලුව අතරතුර කාලගුණ විපර්යාස, ලිංගික සමානාත්මතාව සහ අන්තර් - අත්ලාන්තික් හා යුරෝපානු ප්‍රජාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

අයර්ලන්තය වෙත පැමිණි චාන්සලර්වරියට, එරට අගමැතිනී කැට්‍රිනා ජාකොබ්ස්ඩොරිට්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

දෙදෙනා අතර සුහද හමුවක් පැවැති අතර එය සිදුවුණේ තින්ග්වෙලර් ජාතික වනෝද්‍යානයේ පිහිටි අගමැතිනියගේ වසන්ත නිල නිවසේදීයි.

පිළිගැනීමෙන් අනතුරුව වනෝද්‍යානයේ පාගමනින් සංචාරයක නිරත වූ රාජ්‍ය නායිකාවන් දෙපළ පසුව ඉන් අනතුරුව මාධ්‍ය හමුවටද පැමිණ විශේෂ ප්‍රකාශයක් ලබාදුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ අයිස්ලන්ත අගමැතිනිය කාලගුණ විපර්යාසවලට එරෙහි සටන සදහා සිය රට ලබාදෙන දායකත්වය විස්තර කළේය.

මියගිය බවට පසුගියදා නිල වශයෙන් සඳහන් කළ අයිස්ලන්තයේ ඔක්ජුකුල් ග්ලැසියරය පිළිබඳ සිහිකිරීමටත් එහිදී ඇය අමතක කළේ නොමැත.